Monday, May 19, 2025

General line - 0115112241

හෙට බත්තරමුල්ල ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් 



ජාතික රණවිරු සැමරුම් උත්සවයට සමගාමීව බත්තරමුල්ල ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වනවා 

ඒ අනුව, හෙට බත්තරමුල්ල පාර්මේන්තුව අසල රණවිරු ස්මාරකයේදී පස්වරු 04.00 සිට පස්වරු 06.30 දක්වා මෙම උත්සවය පැවැත් වෙන බවයි පොලිස් මූලස්ථානය දැනුම් දී තිබෙන්නේ 

පොලිස් මූලස්ථානය සඳහන් කර සිටියේ මාර්ග වසා තැබීමක් සිදු නොකරන බවත් රණවිරු උත්සවය පැවැත්වෙන ප්‍රදේශයේ රථවාහන අවහිරතාවයක් සිදු වුවහොත් පොල්දූව මංසන්ධියේ සිට ජයන්තිපුර හරහා කියයෑම් හන්දිය දක්වා පාර්ලිමේන්තු මාර්ගයේ රථවාහන කොළඹින් පිටවීම හා කොළඹට ඇතුලුවීම සීමා කරනු ලබන බවයි.

එසේ සිදු වුවහොත් විකල්ප මාර්ග ලෙස කොළඹින් පිටවන වාහන සඳහා පොල්දූව මංසන්ධියෙන් බත්තරමුල්ල හංදිය දක්වා ගමන් කර පාලම් තුන හන්දියෙන් කියයෑම් හන්දිය දක්වා ගමන් කළ හැකි වනවා 

තවද කොළඹට ඇතුළුවන වාහන සඳහා කියයෑම් හන්දියේ සිට පාලම් තුන හන්දියෙන් බත්තරමුල්ල හන්දිය දක්වා ගමන් කර පොල්දූව මංසන්ධියෙන් කොළඹ දක්වා ගමන් කළ හැකි බවයි පොලිස් මූලස්ථානය සඳහන් කර සිටියේ