Saturday, May 31, 2025

General line - 0115112241

නීති විරෝධී ධීවර කටයුතු සිදුකල 26 දෙනෙකු නීතියේ රැහැනට



මෙරට මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකල පුද්ගලයින්    26 දෙනෙකු සිය භාරයට ගත් බව නාවික හමුදාව පවසනවා. 

ඒ, කඩ්ඩයිකාඩු, කොක්කුතුඩුවායි, තිරියාය, නයාරු, මාන්කර්නී, වාලයිතොඩ්ඩම්, කුඩුඉරිප්පු, පුල්ලේයාරඩි, වවුනතිව් සහ කන්නකුඩා මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව සිදුකල සෝදිසි මෙහෙයුම්වලදීයි. 

එහිදී නීති විරෝධී දැල් එකසිය හැත්තෑ අටක්, ඩිංගි යාත්‍රා දහයක්, නිති විරෝධී පුපරණ ද්‍රව්‍ය සහ විදුලි ආලෝක ධාරා උපකරණ තොගයක් සිර භාරයට ගත් බවයි නාවික හමුදාව පැවසුවේ. 

සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, මුලතිව්, කුච්චවේලි, මඩකලපුව සහ ඊච්චලම්පත්තු ධීවර පරීක්‍ෂක කාර්යාල වෙත භාරදී තිබෙනවා.