වැල්ලවාය, තණමල්විල ප්‍රධාන මාර්ගයේ ඌව කුඩාඔය ප්‍රදේශයේ තෙලුල්ල ජනපදයේදී ලංගම බස් රථයක් සහ ලොරි රථයක් අනතුරට ලක්ව තිබෙනවා.
එම අනතුරෙන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
තුවාල ලැබූවන් තණමල්විල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව බරපතල තත්ත්වයේ පසුවූ දෙදෙනෙකු හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මහියංගණයේ සිට ඇල්පිටිය දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක පසුපස ලොරි රථය ගැටී එම අනතුර සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.