තද සුළං හේතුවෙන් ප්‍රදේශ රැසකට බලපෑම් එල්ල වී තිබෙනවා.
ඒ අනුව ඇතැම් ප්‍රදේශවල මාර්ග මතට ගස් කඩා වැටීම හේතුවෙන් ප්‍රවාහන කටයුතුවලටද බාධා එල්ල වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.
මහ වැසි හා තද සුළං හේතුවෙන් ගාල්ල සහ අවට ප්‍රදේශවලටද බලපෑම් එල්ල වී ඇතැයි නෙත් නිවුස් වාර්තාකරු රවින්ද්‍ර චන්ද්‍රලාල් පැවසුවා.
මධ්‍යම කඳුකරයේ ප්‍රදේශවලට තවදුරටත් තද වැසි ඇදහැළෙන බවයි හැටන් නෙත් නිවුස් වාර්තාකරු රංජිත් රාජපක්ෂ පැවසුවේ.
මේ අතර අධික සුළං තත්ත්වය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ කොළඹ පිහිටි ප්‍රාදේශීය කාර්යාලයේ වහලයේ කොටසක්ද කැඩී ගොස් තිබෙනවා.
එමෙන්ම මරදාන ප්‍රවේශපත් නිකුත් කරන කාර්යාලයට වැසි ජලය පතිත වීම හේතුවෙන් එම කාර්යාලය් කටයුතුවලට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වුණේ.
ඒ අනුව ප්‍රවේශපත් නිකුත් කරන ස්ථානයද වෙනස් කර තිබෙනවා.