Friday, April 26, 2024

General line - 0115112241

මුරපද අමතක මැති ඇමතිවරු

2087

පාර්ලිමේන්තුවේ සිටින බහුතර මැති ඇමතිවරු පිරිස ලැප්ටොප් භාවිතා නොකරන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

පසුගිය දා අයවැය විවාදය අමතමින් ඔහු පෙන්වා දුන්නේ මන්ත්‍රීවරු 225 න් සීයට විස්සක්වත් මැති සභයේ ඇති ලැප්ටොප් පරිගණක භාවිතා නොකරන බවයි.

ඒවායේ මුරපද බොහෝ අයට අමතක නිසා ඇඟිලි සළකුණු තබා ඊට පිවිසීමේ අවස්ථාව ද මේවනවිට පාර්ලිමේන්තුවේ දී සලසා දී තිබෙනවා.

එක් මන්ත්‍රීවරයෙකුගේ නම ද සඳහන් කරමින් අමාත්‍යවරයා කියා සිටියේ ඔහු ඇඟිලි ගැසීමට ආසා බවයි.


තමන් රැකියා ලබා නොදීම පිළිබඳව ද මෙහිදී සඳහන් කළ අමාත්‍යවරයා ඇතැම් විට බදුල්ලෙන් තමන්ට පරාජය වීමේ ඉඩක් ඇති බවද සඳහන් කළා.

රෙදි නෑ..ඉස්කෝලේ ප්‍රශ්ණයක්..වැනි අදහස් ද මෙම කතාවේ ඇතුළත්ව තිබුණා.

එම කතාව ඇතුළත් වීඩියෝව පහතින්.

SHARE

You may also like