2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය මේ වන විට නිව් මුම්බායි ඩී වයි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
ඒ, දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සහ ඉන්දියානු කාන්තා කණ්ඩායම අතරයි.
තරඟය අද පස්වරු 03ට ආරම්භ කිරීමට නියමිතව තිබුණද වර්ෂාව හේතුවෙන් තරඟය පැය කිහිපයක් ප්රමාදවයි ආරම්භ වුණේ.
ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දෙමින් සිටින ඉන්දීය කණ්ඩායම මීට සුළු මෙහොතකට පෙර පන්දුවාර 24ක් අවසානයේදී එක් කඩුල්ලක් දැවී ලකුණු 143ක් රැස් කරගෙන සිටිනවා.
තරඟයේ නියමිත පන්දුවාර 50ම මේ වන විට ක්‍රියාත්මක කිරීමට තිරණය කර තිබෙනවා.
යම් හෙයකින් තරඟය අතුරතුර යළි වර්ෂාවෙන් බාධා එල්ල වුවහොත් පන්දුවාර ප්‍රමාණය සීමා කර ඩග්ලස් ලුවිස් න්‍යායට අනුව තරඟය පැවැත්වීමට හැකියාවක් තිබෙන අතර නැතහොත් අද දිනයේ සීමිත පන්දුවාර ප්‍රමාණයක් යොමු කර හෙට දිනයේ තිබෙන අතිරේක දිනය තුළදීද තරඟය ක්‍රීඩා කිරීමට හැකියාවක් පවතින බවයි ක්‍රිකට් විචාරකයින් පෙන්වා දෙන්නේ.




