පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් කළ ආකාරය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක මාහිමිපාණන් වහන්සේලා නියෝජනය කරන මහා සංඝ රත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා.

එම විශේෂ සාකච්ඡාව පස්වරු එකට ජනාධිපති ලේකම් කාර්යාලයේදි පැවැත්වීමට නියමිත බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ.