හොං කොං සික්සර්ස් ක්‍රිකට් තරඟාවලියේ අද පැවති ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු තරඟයෙන් පරාජයට පත් වුණා.

ඒ, හොං කොං කණ්ඩායම හමුවේයි.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර හයේදී ලකුණු 79ක් රැස් කළා.

තනුක දාබරේ පන්දු 10කදී ලකුණු 26යි. නිමේෂ් විමුක්ති පන්දු හතරකදී නොදැවී ලකුණු 20ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හොං කොං කණ්ඩායම කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 80ක් රැස් කරමින් තරඟය ජය ගත්තේ පන්දුවාර තුනයි පන්දු හතරකදීයි.

එහිදී අයිසස් ඛාන් පන්දු 10කදී නොදැවී ලකුණු 44ක් රැස් කළා.

හොං කොං සික්සර්ස් ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන තවත් තරඟයක් බංග්ලාදේශය සමග තව නොබෝ වේලාවකින් පැවැත්වීමට නියමිතයි.