78 වන ජාතික නිදහස් දින උත්සවය වෙනුවෙන් පැවැත්වෙන පෙරහුරු අද සිට ආරම්භ වනවා.
ඒ අනුව අද උදෑසන 07.45 සිට පස්වරු 01.30 දක්වා කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී පළමු පෙරහුරුව පැවැත්වෙන බවයි පොලීසිය පැවසුවේ.
ඒ අනුව පෙරහුරුව පැවැත්වෙන කාලසීමාව තුළ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රය ආශ්රිත මාර්ගවල රථ වාහන ගමනා ගමනය සීමා කෙරෙනවා.
එම කාලසීමාව තුළ රථ වාහන නිදහස් මාවත, නිදහස් වටරවුමෙන් නිදහස් චතුරශ්‍රය දෙසට ඇතුළුවීම, ස්ටැන්ලි විජේසුන්දර මාවතෙන් පදනම් ආයතනය දෙසට ඇතුළුවීම, බෞද්ධාලෝක මාවත ටොරින්ටන් හන්දියෙන් ප්‍රේමකීර්ති ද අල්විස් මාවතට ඇතුළුවීම සීමා කෙරෙනු ඇති.
බෞද්ධාලෝක මාවත, ආර්.එෆ්.පි හන්දියෙන් මෙට්ලන්ඩ් පෙදෙසට ඇතුළුවීම, විජේරාම මාවත, විද්‍යා මාවත හන්දියෙන් විද්‍යා මාවතට ඇතුළුවීම ද එම කාලසිමාවේදි සිමා කෙරෙනවා.
මෙට්ලන්ඩ් ක්‍රසන්ට් ආර්.ජි. සේනානායක හන්දියෙන් නිදහස් වටරවුම දෙසට වාහන ඇතුළු කිරිමද එම කාලසීමාවේදී සීමා කෙරෙනු ඇති.
නිදහස් වටරවුමෙන් මෙට්ලන්ඩ් ක්‍රසන්ට් දෙසට ඇතුළුවීම සහ හෝර්ටන් පෙදෙස මෙට්ලන්ඩ් ක්‍රසන්ට් හන්දියෙන් නිදහස් වටරවුම දෙසට රථ වාහන ඇතුළුවීමද පෙරහුරුව පැවැත්වෙන කාලසීමාව තුළ සීමා කෙරෙන බව පොලීසිය වැඩිදුරටත් සදහන් කළා.




