“යොවුන් මිහිකත රූ රැජින - 2025” තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී එම තරඟාවලියේ හොදම දේශීය ඇදුම් නිර්මාණයට හිමි සම්මානය දිනාගත් මවිති පුන්සරණි මෙනෙවිය අද පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියා. එම තරගාවලිය පසුගිය 03 වනදා සිට 09 වනදා දක්වා පැවැත් වුණේ ඉන්දියාවේ ජායිපූර් නුවරදීයී. වයස අවුරුදු 20ට අඩු ලොව රටවල් 15ක රූ රැජිනියන් 15 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙවර එම තරඟාවලිය පැවැත් වුණේ අටවන වරටයි. නිරූපන ශිල්පිනියක් ලෙස කටයුතු කරන 19 හැවිරිදි මවිති පුන්සරණි මෙනෙවිය විසින් ඉදිරිපත් කළ දේශීය අනන්‍යතාවය පිළිඹිබු කෙරෙන ඇදුම් නිර්මාණය සඳහා එම තරඟාවලියේදී හොදම දේශීය ඇදුම් නිර්මාණයට හිමි සම්මානය හිමිව තිබෙනවා. මවිති පුන්සරණි ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඇය පිළිගැනීම සඳහා විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.