මාලදිවයින් පොලිස් කොමසාරිස් ඉස්මයිල් නවීන් සහ වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහත්වරුන් අතර හමුවක් සිදුව තිබෙනවා. ඒ පොලිස් මූලස්ථානයේදීයි.

එහිදී දෙරට අතර පොලිස් සේවාව වෙනුවෙන් පවතින සහයෝගීතාවයේ අභිවෘද්ධිය සඳහා විශේෂ සාකච්ඡාවක් පැවැත් වූ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

ඉන් අනතුරුව වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් මාලදිවයින් පොලිස් කොමසාරිස්වරයාට සමරු තිළිණයක් ද ප්‍රධානය කර තිබෙනවා.