Published
මීටියාගොඩ, කිරලගහවෙල ප්‍රදේශයේ පාලු ඉඩමක වල දමා තිබු ටී 56 ගිනි අවියක්, එම ජීව පතරොම් 15ක් සහ පතරොම් ගැබක් සොයා ගෙන තිබෙනවා.
ඒ, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ
නිලධාරීන් කණ්ඩායමක් විසින් මීටියගොඩ ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය සමග අත් අඩංගුවට ගත් සැකකරුවෙකු
රැඳවුම් නියෝග මත රදවා ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේයි.
2023 ඔක්තෝබර් මස 09 වනදා රත්ගමදි පොලිස් පරීක්ෂකවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු පැමිණි යතුරු පැදිය පැදවූ පුද්ගලයා බවට ඔහුගෙන් දැනට සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වූ බවයි පොලිසිය පැවසුවේ.
පොලිස් පරීක්ෂකවරයා වෙඩි තබා ඝාතනය කිරීමට මෙම ගිනි අවිය යොදා ගෙන ඇද්දයි සොයා තවදුරටත් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.



