බංග්ලාදේශ කණ්ඩායම සමග ඊයේ පැවති දෙවන එක්දින තරඟයේ පරාජයේ වගකීම ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් භාරගත යුතු බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් චරිත් අසලංක පැවසුවේ පිතිකරුවන්ගේ දුර්වල පිතිකරණ විලාසය හේතුවෙන් තරඟය පරාජයට පත්වීමට සිදු වූ බවයි.

සිදු වූ වැරදි අඩුපාඩු සකසා ගනිමින් තුන්වන එක්දින තරඟය ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ජනිත් ලියනගේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ පන්දු යවන්නන් සිය වගකීම නිසියාකාරයෙන් සිදු කළද පිතිකරණයේ තිබූ යම් යම් දුර්වලතා හේතුවෙන් තරඟය පරාජයට පත් වීමට සිදුවූ බවයි.