2022 වසරෙන් පසු පළමු වරට ජපානය එරට පුද්ගලයෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ, 2017 වසරේදී පුද්ගලයින් නව දෙනෙකු ඝාතනය කළ පුද්ගලයෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කරමින්.
“ට්විටර් ඝාතකයා” ලෙස හැඳින්වෙන ටකහිරෝ ෂිරයිෂි හට මෙලෙස මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබෙනවා.
එවකට 30 හැවිරිදි වියේ පසු වූ ඔහු වයස අවුරුදු 15ත් 26ත් අතර තරුණ කාන්තාවන් ඝාතනය කර තිබූ බවටයි අනාවරණ වුණේ.
ෂිරයිෂි මෙලෙස ඝාතනය කළ නවදෙනා හඳුනාගෙන තිබුණේ වර්තමානයේ X ලෙස හඳුන්වන වන ට්විටර් සමාජ මාධ්‍ය ජාලය හරහායි.
නඩු විභාගයේදී ඔහු පවසා තිබුණේ මෙම වින්දිතයින් සියලු දෙනා මිය යාමට උදව් ඉල්ලා සිටි බවත් තමා ඊට උදව් කළ බවත්ය.
2020 දෙසැම්බර් මාසයේදී ඔහුට මරණ දඬුවම නියම වූ අතර එය ලොව පුරා කතාබහට ලක් වුණා.
මෙම ඝාතන හේතුවෙන් ට්විටර් විසින් ද සිය සමාජ මාධ්‍ය ජාලයේ වෙනස්කම් සිදු කළා.
ඒ අනුව පරිශීලකයින්ට “සියදිවි නසා ගැනීම හෝ ස්වයං-හානිය ප්‍රවර්ධනය කිරීම හෝ දිරිමත් කිරීම” නොකළ යුතු බවට එහි නීති සංශෝධනය කෙරුණා.