පෝලන්තයට රුසියානු මිසයිල දෙකක් සහ සැකකටයුතු ඩ්‍රෝන යානයක් කඩා වැටි ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
යුක්රේනයේ පශ්චාත්-යුද මෙහෙයුමක් සඳහා සූදානම් වීමේ අරමුණින් පෝලන්තයේ පැවැත්වෙන යුරෝපීය හමුදා අභ්‍යාසයන්ට සමගාමීව මෙම සිදුවීම වාර්තා වීම විශේෂත්වයක් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
ඒ අනුව මෙය රුසියාව විසින් ”හිතාමතාම සිදු කළ ප්‍රකෝප කිරීමක්” බව පෙනී යන්නේ යැයි පෝලන්ත අග්‍රාමාත්‍ය ඩොනල්ඩ් ටස්ක් පවසනවා.
කෙසේවෙතත්, මෙම මිසයිල, සැකකටයුතු ඩ්‍රෝන යානය හෝ හමුදා අභ්‍යාස සම්බන්ධයෙන් රුසියාව මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ.
පෝලන්ත බලධාරීන් සඳහන් කරන්නේ එක් රුසියානු මිසයිලයක් හමුදා අභ්‍යාස පැවැත්වෙන ස්ථානයට කිලෝමීටර් 35ක් පමණ දුරින් කඩා වැටී ඇති බවට විශ්වාස කරන බවයි.
එමෙන්ම, 'Kh-101' වර්ගයේ කෲස් මිසයිලයක් යුක්රේන දේශසීමාවේ සිට කිලෝමීටර් 50ක් පමණ දුරින් ද, ජෙට් බලයෙන් ක්‍රියාත්මක වන ඩ්‍රෝන යානයක් යැයි සැක කෙරෙන යානයක් යුක්රේන දේශසීමාවේ සිට කිලෝමීටර් 30ක් පමණ දුරින් ද පතිත වී ඇති බව වාර්තා වනවා.




