ලාෆ් ගෑස් මිල ඉහළ දැමීම සහ අමුද්‍රව්‍ය මිල ගණන් ඉහළ යාම හේතුවෙන් හෙට මධ්‍යම රාත්‍රී 12.00 සිට ක්‍රියාත්මක වන පරිදි ආහාර මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව කෙටි ආහාර වර්ග රුපියල් 5 කින් ද, ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ බත් පැකට්ටුවක මිල රුපියල් 15 කින් ද ඉහළ දැමීමට තීරණය කර ඇති බවයි එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පැවසුවේ.

ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 4,365 කට අලෙවි වන විට කහ පැහැති ගෑස් සිලින්ඩරයක් රුපියල් 6,740 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, ඒ අනුව සිලින්ඩර දෙක අතර රුපියල් 2,375 ක මිල පරතරයක් පවතින බව ඔහු පෙන්වා දෙනවා.

එවන් පසුබිමක් තුළ දිනකට ගෑස් සිලින්ඩර් දෙකක් භාවිතා කරන කුඩා ආපනශාලාවකට මේ හරහා දිනකට රුපියල් 4,750 ක සහ මාසයකට රුපියල් 142,500 ක අතිරේක පිරිවැයක් දැරීමට සිදුවන බවයි ඔහු හර්ෂණ රුක්ෂාන් මහතා පැවසුවේ.