තලවකැලේ - නානුඔය වටරවුම් මාර්ගයේ ඩෙස්පෝඩ් ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 27 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

නානුඔය පොලීසිය පැවසුවේ තුවාලකරුවන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි.

පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටී අනතුර සිදුව තිබෙනවා.

වැලිකඩ බන්ධනාගාර නිලධාරීන් පිරිසක් රැගත් කොළඹ සිට නුවරඑළිය දක්වා සංචාරයක් සදහා පැමිණි පිරිසක් රැගත් බස් රථයක් සහ බොරලන්ද ප්‍රදේශයේ සිට ආගරපතන ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයකට පිරිසක් රැගෙන යමින් සිටි බස් රථයක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.

අනතුරට හේතුව බස්රථ දෙකේ රියදුරන්ගේ නොසැලකිලිමත් රිය ධාවනය බවට පොලිස් විමර්ශනවලදි අනාවරණ වී තිබෙනවා.