පාකිස්ථානය භයානක අධ්‍යාපන අර්බුදයක් සමඟ පොරබදමින් සිටින අතර, වයස අවුරුදු 5-16 අතර ළමුන් මිලියන 25.37 කට අධික සංඛ්‍යාවක් පාසල් අධ්‍යාපනයෙන් බැහැරව සිටින බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
ගුණාත්මක අධ්‍යාපනය සඳහා ප්‍රවේශය අඛණ්ඩ අභියෝගයක්ව පවතින රටක, විධිමත් නොවන අධ්‍යාපනය (NFE) මිලියන ගණනකගේ තීරණාත්මක ජීවන මාර්ගයක් ලෙස මතු වී තිබේ.
පකිස්තාන මාධ්‍ය විසින් වාර්තා කරන ලද පරිදි, නවතම දත්ත පැමිණෙන්නේ Allama Iqbal Open University (AIOU) හි දියත් කරන ලද “පකිස්තානයේ විධිමත් නොවන අධ්‍යාපන වාර්තාව 2023-24” වාර්තාව මගිනි.
අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය සමඟ එක්ව පාකිස්තාන අධ්‍යාපන ආයතනය විසින් වාර්තාව සකස් කර තිබෙනවා.
වාර්තාව නිකුත් කිරීමේ අවස්ථාවට සහභාගී වූ ෆෙඩරල් අධ්‍යාපන අමාත්‍ය Khalid Maqbool Siddiqui ගැටලුව සඳහා විසඳුම් සෙවීමේ හදිසි අවශ්‍යතාවය අවධාරනය කළේය.
COVID-19 වසංගතය සහ ගංවතුර වැනි මෑත කාලීන ස්වාභාවික විපත් තත්ත්වය සැලකිය යුතු ලෙස නරක අතට හැරී ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.
ඉලක්කගත ප්‍රතිපත්ති සංවර්ධනය කිරීම සඳහා අත්‍යවශ්‍ය මෙවලමක් ලෙස වාර්තාව විස්තර කළ ඔහු අධ්‍යාපන ක්ෂේත්රයේ නොසලකා හරින ලද කොටසකට ආලෝකයක් ලබා දීම ගැන ප්‍රශංසා කළේය.