2027, 2029 ලෝක ටෙස්ට් ශූරතාවලියේ ටෙස්ට් තරඟ දින හතරකට සීමා කිරීම කෙරෙහි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අවධානය යොමු කර තිබෙනවා.

2027,2029 ටෙස්ට් ලෝක ශූරතා චක්‍රයේදී කුඩා රටවල් වෙනුවන් සිව්දින ටෙස්ට් තරඟ ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය සූදානමින් පසුවන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේවෙතත් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් පසුවන ඉන්දියාව, එංගලන්තය සහ ඕස්ටේ්‍රලියාව යන රටවලට දින පහක ටෙස්ට් තරඟ ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවිය හැකි බවටද වාර්තා පළ වනවා.

2017 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ද්විපාර්ශ්වික සිව්දින ටෙස්ට් තරඟ සඳහා අවසරය ලබාදුන් අතර එංගලන්ත කණ්ඩායම සිම්බාබ්වේ සහ අයර්ලන්තයට එරෙහිව සිව්දින ටෙස්ට් තරඟ ක්‍රීඩා කර තිබෙනවා.