විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගයේ සියළුම ප්‍රවේශපත්‍ර විකිණී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ලබන 16 වනදා මෙම තරගය පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව මෙම තරගයේ ප්‍රවේශපත්‍ර ලබාගැනීම සදහා ප්‍රවේශපත් කවුළු වෙත පැමිණීමෙන් වළකින ලෙසයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිඩා ලෝලීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බී ඛාණ්ඩයේ තවත් තරගයක් කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී මේ වනවිට පැවැත්වෙනවා.

ඒ, ඕස්ට්‍රේලියා සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතරයි.

කාසියේ වාසිය හිමිකර ගත් ඕස්ටේ්‍රලියානු කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදෙන සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 02 කට ලකුණු 169 ක් රැස්කර ගෙන සිටියා.

පිළිතුරු ඉනිම දියත් කරමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම මේ වන විට කඩුළු 04 කට ලකුණු 50ක් රැස් කරගෙන තිබෙනවා.