අවිස්සාවේල්ල බස් නැවතුම්පොළ අසලදී අධි පුපුරණ ද්‍රව්‍ය තොගයක් සන්තකව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ සැකකාර එම පුද්ගලයා සන්තව තිබු පොහොර උරයක් පරීක්‍ෂා කිරීමේදි අදාල පුපුරණ ද්‍රව්‍ය සොයාගත් බවයි.

එහි තිබී ජෙලෙට් නයිට් කූරු 60ක් සහ ඩෙටනේටර් 50 ක් සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ අඹගොල්ල ගන්කන්ද ප්‍රදේශයේ පදිංචි රියදුරෙක්.

ඔහු මෙම අධිබලැති පුපුරන්න ද්‍රව්‍ය ඇහැළියගොඩ සිට යම් පුද්ගලයකින් ලබාගෙන වාරියපොළ දක්වා රැගෙන යමින් සිට ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.