2028 වසරේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් ක්‍රීඩා ඉසව්වට සහභාගී වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි වනු ඇතැයි වාර්තා වනවා. ඒ, ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ක්‍රිකට් ක්‍රීඩාවෙන් කණ්ඩායම් 6කට පමණක් අවස්ථාව ලබාදීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණය කිරීම හේතුවෙන්. එම කණ්ඩායම් 06ද තෝරා ගැනෙන්නේ මහාද්වීප සුදුසුකම් ක්‍රමයක් මතයි. ඒ අනුව එක් එක් මහාද්වීපය් ඉහළම ශ්‍රේණිගත කිරිමේ හි සිටින කණ්ඩායමට එම අවස්ථාව ලබා දෙනු ඇති. එසේ වුවහොත් ආසියාවෙන් ඉන්දියාව, ඕස්ට්‍රේලියා මහද්වීපයෙන් ඕස්ට්‍රේලියාව , යුරෝපයෙන් එංගලන්තය, අප්‍රිකාවෙන් දකුණු අප්‍රිකාවට එම අවස්ථාව හිමිවනු ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ. ඉතිරි කණ්ඩායම් දෙකෙන් එකක් සත්කාරක අමෙරිකාවට හෝ කැරිබියන් දූපත්වලින් එක් රටකට හිමිවනු ඇති බව එහි සඳහන්. එසේ වුවහොත් ශ්‍රී ලංකාව, පාකිස්තානය, නවසීලන්තය වැනි පූර්ණ සාමාජික රටවලට එම අවස්ථාව අහිමි වනු ඇති. ඔලිම්පික් ක්‍රීඩා උළෙලකට අවසන් වරට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් වී තිබුණේ 1900 පැරිස් ඔලිම්පික් උළෙලටයි. ඒ අනුව 2028 වසරේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් ක්‍රීඩා ඉසව්ව ඇතුළත් වන්නේ සියවසකට වැඩි කාලයකට පසුවයි.
Published