Published
2025 වසරේ පැවති පහ වසර ශිෂ්‍යත්ව විභාගයට අදාළව අභියාචනා කැඳවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව එම නිවේදනයෙන් දැක්වෙන්නේ අභියාචනා උත්තරපත්‍ර පරීක්ෂාව සඳහා 2025.09.09 වන දින සිට 2025.09.22 වන දින තෙක් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදුකළ හැකි බවයි
මේ සඳහා විභාග අපේක්ෂකයා ඉගෙනුම ලබන පාසලේ විදුහල්පති විසින්, පාසල වෙත ලබාදී ඇති පරිශීලක නාමය හා මුරපදය භාවිත කර https://onlineexams.gov.lk/eic/index.php/clogin/ දරණ වෙබ් අඩවියේ SCHOOL LOGIN වෙත පිවිස අභියාචනා ඉදිරිපත් කළ යුතු බව ද විභාග කොමසාරිස්වරිය දැනුම්දෙයි.
විභාග කොමසාරිස් ජනරාල්, ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය විසින් නිකුත් කළ නිවේදනය පහතින්