ධීවර ජනතාව වෙනුවෙන් නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදය නොවැම්බර් මාසයේදී ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව විෂය භාර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසනවා.

එමෙන්ම ඉදිරි වසර පහ ඇතුළත මෙරට ධීවර කර්මාන්තය තවදුරටත් දියුණු කරන බවයි ඔහු පැවසුවේ.

මත්ස්‍ය අස්වැන්න නිසි කළමනාකරණයක් යටතේ බෙදාහැරීමට කටයුතු කරන බවද ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පැවසුවා.

ධීවරයන්ට ඇති ප්‍රධාන ගැටලු කිහිපයක් සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කෙරුණා.