ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කළ යෝජනාවට අදාළ මහජන අදහස් ලබා ගැනීමේ අවසන් සැසිය අද පැවැත්වෙනවා.

ඒ, බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින්.

සියලු‍ පළාත් ආවරණය වන පරිදි පසුගිය සැප්තැම්බර් මස 18 වනදා සිට මහජන අදහස් ලබා ගැනීම ආරම්භ වුණා.

විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා මඟින් ලංකා විදුලිබල මණ්ඩලය විසින් යෝජනා කර ඇත්තේ විදුලි ගාස්තුව සියයට 6. 8කින් ඉහළ නැංවීමටයි.

සියලු‍ අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් අවසන් තීරණය මේ මස දෙවන සතියේ දී ප්‍රකාශය කිරීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිසමේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා සඳහන් කළා.