2025 අයි සී සී කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන සිව්වන තරඟය අද පස්වරුවේ පැවැත්වෙනවා.

ඒ, නවසීලන්ත කණ්ඩායම සමගයි.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරඟය පස්වරු 03ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙම තරඟයට පිවිසෙන්නේ තරඟාවලියේ සිය පළමු ජයග්‍රහණය ලබා ගැනීමෙ අරමුණින් යුතුවයි.

මේ දක්වා මෙම තරඟාවලියේ තරඟ තුනකට ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් තරඟ 02කින් පරාජයට පත් වුණා.

ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතව තිබූ තරඟය අයහපත් කාලගුණය හේතුවෙන් විසඳුමකින් තොරව නිමාවට පත් වූ බැවින් දෙපිළටම එක් ප්‍රසාද ලකුණු බැගින් හිමි වුණා.

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙම තරඟාවලියේ තරඟ 03කට ක්‍රීඩා කර එක් තරඟයක් ජයගෙන ඇති අතර තරඟ දෙකකින් පරාජය වී තිබෙනවා.