ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ශෙහාන් ජයසූරිය අමෙරිකානු විස්සයි විස්ස ලෝක කුසලාන සංචිතයට කැඳවා තිබෙනවා.

ශෙහාන් ජයසූරිය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්දින තරග 12ක් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 18ක් ක්‍රීඩා කර ඇති අතර ඔහු ඉනිම 10කදී රැස්කරගෙන ඇති එක්දින ලකුණු ගණන 195ක්.

එමෙන්ම ඔහු ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟ 16කදී ලකුණු 241ක් ලබාගෙන තිබෙනවා. ශෙහාන් ජයසූරිය පළමු පෙළ තරග 87කදී ශතක 13ක් සහ අර්ධ ශතක 32ක් රැස්කරගෙන සිටියා.