Published
පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ දේශපාලන පක්ෂවල අපේක්‍ෂකයින් 2,433 දෙනෙකු මෙතෙක් තම ආදායම් වියදම් වාර්තා මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසුවේ අදාළ පුද්ගලයින් පිළිබඳ පොලීසිය දැනුවත් කර ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
මේ අතර පළාත් පාලන ආයතනවලට තේරී පත්වූ සභිකයන් 330 දෙනෙකුගේ නම් මෙතෙක් ඇතැම් දේශපාලන පක්ෂ විසින් නම් කර නොමැති බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.