Published
එංගලන්තයට එරෙහි අවසන් එක්දින ක්‍රිකට් තරගයේදී විශිෂ්ට ශතකයක් වාර්තා කළ පවන් රත්නායක පන්දුවාර විස්සයි විස්ස සංචිතයට කැඳවූයේ විකල්ප පිතිකරුවෙකු ලෙස බව ශ්‍රී ලංකා නායක දසුන් ශානක පවසනවා.
ඒ, එංගලන්ත - ශ්‍රී ලංකා පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා සංචිතය සම්බන්ධයෙන් අදහස් දක්වමින්.
නවක ක්‍රීඩකයින් අත්හදා බැලීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ වුණා.
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද රාත්‍රී 07.00ට ආරම්භ වනවා.
ඒ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්රීඩාංගණයේදීයි. ශ්‍රී ලංකා කණ්ඩායම 2014 වසරෙන් පසුව එංගලන්තයට එරෙහිව කිසිදු පන්දුවාර විස්සයි විස්ස තරගයක් ජයග්‍රහණය කර නැහැ.
දෙරට අතර අවසන් වරට පැවති තරග අටම ජයගෙන ඇත්තේ එංගලන්තයයි.