නුවරඑළියට ආ ඉන්දීය ආරක්‍ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා යළි කොළඹ බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඒ, ගුවන් හමුදාවේ MI 17 හෙලිකොප්ටරයකින්.

ඉන්දිය ආරක්‍ෂක අමාත්‍යවරයා අද පෙරවරුවේ එම හෙලිකෝප්ටරයෙන් නුවරඑළිය මහ නගර සභා ක්‍රීඩාංගණයට පැමිණ බවයි නෙත් නිවුස් නියෝජිත රංජිත් රාජපක්‍ෂ පැවසුවේ.

එතැන් සිට දැඩි ආරක්‍ෂාවක් මධ්‍යයේ ඉන්දිය ආරක්‍ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා හග්ගල සීතා අම්මාන් කෝවිලට පැමිණියා.

එහිදී එම කෝවිලේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වී.රාධක්‍රිෂ්නන් මහතා ඇතුලු එම කෝවිලේ භාරකාර මණ්ඩලය විසින් ඉන්දිය ආරක්‍ෂක අමාත්‍යවරයා පිළිගැනීමෙන් අනතුරුව ඔහු වෙනුවෙන් විශේෂ ආශිර්දාව පූජාවක් ද පවත්වා තිබෙනවා.

එම පූජාවෙන් අනතුරුව නුවරඑළිය සීතා අම්මාන් කෝවිල වෙත පැමිණි ඉන්දියානු ආරක්ෂක අමාත්‍යවරයා සිහිවටනයක්ද පිලිනැමීමට එම භාරකාර සභාවේ සභාපතිවරයා කටයුතු කළ බවයි නෙත් නිවුස් නියෝජිතයා වැඩිදුරටත් පැවසුවේ.