2025 එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර තරඟය පැවැත්වීමට නියමිතයි.

ඒ, ඉන්දියාවේ මුම්බායිහිදීයි.

තරඟය ආරම්භවීමට නියමිතව ඇත්තේ පස්වරු 03ටයි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම 2025 එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තරඟ 05කට මේ වන විට මුහුණ දී සිටිනවා.

කෙසේවෙතත් ඉන් තරඟ දෙකක් අතහැර දැමුණේ අයහපත් කාලගුණ තත්ත්වය හමුවේයි.

ක්‍රීඩා කළ තරඟ තුනෙන් එක් තරඟයක් හෝ ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වූයේ නැහැ.

මේ අතර බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම තමන් ක්‍රීඩා කළ තරඟ 05න් එක් තරඟයක් පමණක් ජයගෙන තිබෙනවා.

සෙසු තරඟ 04ම බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත් වුණා.