තරග පහකින් සමන්විත සත්කාරක ඉන්දීය කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ තුන්වන තරගයත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට පරාජය වුණා.

ඒ, කඩුලු 08කින්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 112ක් රැස් කර ගැනීමට සමත් වුණා.

එහිදී හසිනි පෙරේරා ලකුණු 25ක්ද, ඉමේෂා දුලානි ලකුණු 27ක්ද, කවීෂා දිල්හාරි ලකුණු 20ක්ද ලබාගත් අතර කෞෂිනි නූත්යාංගනා නොදැවී ලකුණු 19ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ඉන්දීය කාන්තා කණ්ඩායම වෙනුවෙන් රේණුකා සිම් කඩුලු 04ක් සහ දීප්ති ෂර්මා කඩුළු 03ක් දවා ගත්තා. ලකුණු 113ක ජයග්‍රාහී ඉල්ලකයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය කාන්තා කණ්ඩායම පන්දුවාර 13යි පන්දු 02ක් තුළදී කඩුලු 02ක් පමණක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

ඒ අනුව තරග පහකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ තවත් තරග දෙකක් ඉතිරිව තිබියදී තරගාවලිය පහසුවෙන් ජය ගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම ඊයේ සමත් වුණා.