Published
රජරට රැජින දුම්රියේ එන්ජිමෙහි අද ගින්නක් හට ගත්තා. අනුරාධපුරය සිට අලුයම 5යි 10ට පමණ බෙලිඅත්ත බලා ධාවනය වෙමින් තිබූ එම දුම්රියෙහි එන්ජිමේ ගින්න හටගෙන ඇත්තේ දහයියාගම හංදියට ආසන්න ප්‍රදේශයේදී බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.
ඒ අනුව අනුරාධපුර ගිනි නිවීම් අංශය පැමිණ එම ගින්න නිවා දමා තිබෙනවා.
ඉන් අනතුරුව රජරට රැජින දුම්රිය යළි අනුරාධපුර දුම්රිය ස්ථානය වෙත රැගෙනවිත් ගිනිගත් එන්ජිම වෙනුවට වෙනත් එන්ජිමක් සවිකළ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.
ඒ අනුව රජරට රැජින දුම්රිය පෙරවරු 7.30 ට පමණ අනුරාධපුරයේ සිට බෙලිඅත්ත බලා ගමන් ආරම්භ කර තිබෙනවා.
රජරට දුම්රියෙහි එන්ජිමේ ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මකයි.




