‘සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල නොවන බවත්, සංශෝධන කිහිපයකට යටත්ව පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද පාර්ලිමේන්තුවට නිවේදනය කළා.

මෙම තීරණය පාර්ලිමේන්තුව වෙත දැනුම් දෙමින් කථානායකවරයා සඳහන් කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වැනි වගන්තිය යටතේ මෙම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කර තිබූ බවයි.

වැඩබලන නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද සංශෝධන මෙන්ම, අධිකරණය විසින් නියම කරන ලද තවත් සංශෝධන ද, පනත් කෙටුම්පත ‘කාරක සභා අවස්ථාවේදී‘ ඊට ඇතුළත් කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇතැයි මෙහිදි ප්‍රකාශ කෙරුණා.