ලංකා ප්‍රිමියර් ලීග් නොහොත් LPL 2026 තරගාවලිය සඳහා විදේශීය ක්‍රීඩකයින් 650ක් ලියාපදිංචි වී සිටිනවා. මෙම ලියාපදිංචිය සිදුකෙරුණේ ඉකුත් 8 වනදා සිට 20 වැනිදා දක්වායි

වැඩිම ක්‍රීඩකයන් පිරිසක් ලියාපදිංචි වී ඇත්තේ පාකිස්තානයෙන්. එම සංඛ්‍යාව 102ක්.

බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලින් ක්‍රීඩකයින් 75ක්, දකුණු අප්‍රිකාවෙන් ක්‍රීඩකයින් 66ක්, බංග්ලාදේශයෙන් ක්‍රීඩකයින් 48ක් සහ නවසීලන්තයෙන් ක්‍රීඩකයින් 41 දෙනෙකු ලියාපදිංචි වී තිබෙනවා

LPL තරගාවලිය සඳහා ලියාපදිංචි වී ඇති ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් ගණන 24ක්. එංගලන්තයෙන් ක්‍රීඩකයින් 15ක් සහ ඉන්දියාවෙන් ක්‍රීඩකයින් 12 දෙනෙකු ද මෙවර LPL තරගාවලිය සඳහා ලියාපදිංචි වී තිබෙනවා.

කෙසේ වෙතත්, මේ අතරින් අවසන් ලැයිස්තුවට තෝරාගැනෙන්නේ ක්‍රීඩකයින් 310 දෙනෙකු පමණයි.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භ කිරීමට නියමිත ඇත්තේ ලබන ජුලි 17 වැනිදායි.