මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ පළමු අතිශය උණුසුම් තරගය අද පැවැත්වුණා.
ඒ, ඇෆ්ගනිස්ථානය හා දකුණු අප්රිකාව අතරයි.
තරගයේ ප්රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්රිකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 06ක් දැවී ලකුණු 187ක් රැස්කලා.
පිලිතුරු ඉනිම ක්රීඩා කල ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර 19යි පන්දු 04ක් තුල ලකුණු 187කට දැවී ගියා.
තරගය ජය ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට එක් කඩුල්ලක් අතැතිව අවසන් පන්දුවාරයට ලකුණු 11ක් ලබා ගත යුතු වුණා.
අවසන් පන්දු 3ට ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට තරගයේ ජය සදහා ලකුණු 02ක් පමණක් ලබා ගත යුතු වුවත් ජයග්රාහී ලකුණ දිවයද්දී අවසාන මොහොතේ දුවද්දී දැවී යාමත් සමග තරගයේ ලකුණු සම වුණා.
ඒ අනුව තරගයේ ජය තීරණය කෙරුණේ සුපිරි පන්දුවාරයකින්.
තරගාවලියේ පළමු සුපිරි ඕවරය ද මෙය වුණා.
සුපිරි පන්දුවාරයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලකුණු 17ක් රැස්කලා.
දකුණු අප්රිකානු කණ්ඩායමද එම පන්දුවාරයේදී ලකුණු 17ක් රැස්කිරීමත් සමග යළි තරගය සම වුණා.
ඒ අනුව තීරණය කෙරුණේ තවත් සුපිරි පන්දුවාරයකින් තරගයේ ජය තීරණය කිරීමටයි.
දෙවන සුපිරි පන්දුවාරයේ පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්රිකානු කණ්ඩායම ලකුණු 23ක් රැස්කලා.
එහෙත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට එම පන්දුවාරයේදී රැස්කරගත හැකි වූයේ ලකුණු 19ක් පමණයි.
ඒ අනුව තරගය ලකුණු 02කින් ජය ගැනීමට දකුණු අප්රිකානු කණ්ඩායමට හැකි වුණා.
තරගාවලියේ සුපිරි පන්දුවාර දෙකකින් තරගයේ ජය තීරණය කෙරුණු පළමු අවස්ථාව මෙය වුණා.




