ආසියානු ක්‍රීඩා උළලේ මීටර් 400 කඩුලු මතින් දිවීම පිරිමි ඉසව්වේ අවසන් තරඟයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ අයෝමාල් අකලංක අද (සැප්තැම්බර් 27) සමත් වුණා.

ඔහු මෙම දක්ෂතාව දැක්වූයේ ඉසව්වේ මූලික වටයේ තරගයකදී තුන්වන ස්ථානය දිනා ගනිමින්.

එහිදී ඔහුගේ තරග නිමි කාලය තත්පර 49යි දශම 7යි 8ක්.

මූලික වටයේ තරඟවලදී සියලු ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතා සැලකීමේදී අයෝමාල් අකලංක 5වන ස්ථානයේ පසු වනවා.

කෙසේ වෙතත් ඔහුගේ ඉහළම දක්ෂතාව දැක්වීමට සමත් වුවහොත් ඉසව්වේ පදක්කමක් දිනා ගැනීමට ඔහුට හොඳ අවස්ථාවක් තිබෙන බවයි ක්‍රීඩා විචාරකයන් පවසන්නේ.