‘ ගුඩ් ෆුඩ් - ගුඩ් ලයිෆ් ’ තේමාව මුල් කර ගනිමින් වෙළද සමාගමක් ලෙස 1906 වසරේදී ආරම්භ කළ නෙස්ලේ ලංකා සමාගම සිය 120 වන සංවත්සරය පසුගියදා සමරනු ලැබුවා.

සිය පාරිභෝගිකයන්ට වසර 120 පුරාම අඛණ්ඩව පෝෂණීය රසවත් නිෂ්පාදන ලබාදීමට හැකිවීම පිළිබදව බෙහෙවින්ව සතුටු වන බවයි නෙස්ලේ ලංකා සමාගමේ, ආයතනික කටයුතු හා සන්නිවේදන අධ්‍යක්‍ෂ රුවන් වැලිකල මහතා පැවසුවේ.