ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් පළමු 10 දෙනා අතරට පැමිණ තිබෙනවා.
ඔහු එලෙස ඉදිරියට පැමිණ ඇත්තේ බංග්ලාදේශ කණ්ඩායම සමග පසුගියදා නිමාවට පත් වූ එක්දින තරගාවලියේ දැක්වූ දක්ෂතා හේතුවෙන්.
එම තරගාවලියේදී කුසල් මෙන්ඩිස් ශතකයක් සහ අර්ධ ශතකයක් ලබා ගත්තා.
ඒ අනුව ඔහු එක්දින ශ්‍රේණිගත කිරීම්වල 20 වන ස්ථානයේ සිට 10 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීම විශේෂත්වයක්.
මේ අතර ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක ද එක්දින ශ්‍රේණිගත කිරීම්වලට අනුව 08 වන ස්ථානයේ සිට ස්ථාන දෙකක් ඉදිරියට පැමිණ තිබෙනවා.
ඒ අනුව ඔහු එක්දින ශ්‍රේණිගත කිරීම්වල 06 වන ස්ථානයේ පසු වනවා.
වත්මන් එක්දින ශ්‍රේණිගත කිරීම්වලට අනුව එහි පෙරමුණේ පසුවන්නේ ඉන්දීය කණ්ඩායමේ ශුබ්මන් ගිල්.
එහි දෙවන ස්ථානය හිමිකර ගෙන ඇත්තේ පකිස්ථාන කණ්ඩායමේ බාබාර් අසාම් විසින්.
මේ අතර බංග්ලාදේශ කණ්ඩායම සමග පැවත්වෙමින් තිබෙන තරගාවලියේදී දැක්වූ දක්ෂතා සම්බන්ධයෙන් කුසල් මෙන්ඩිස් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.