Published
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරඟය අද පස්වරු 02යි 30ට ආරම්භ වීමට නියමිතයි.
ඒ, කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි. දෙරට අතර පැවති පළමු එක්දින තරඟයෙන් ලකුණු 77ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
එම තරඟය අතරතුරදී ආබාධයට ලක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගේ ආබාධ තත්ත්වය එතරම් බරපතල නොවන බවයි ක්‍රිකට් ආරංචි මාර්ග පැවසුවේ.
ඒ අනුව වනිඳු හසරංග අද පැවැත්වෙන දෙවන එක්දින තරඟයට ක්‍රීඩා කරනු ඇති.
එක්දින ක්‍රිකට් තරඟාවලිය ජය ගැනීම සඳහා අද තරඟයට ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම සහ ඉදිරි තරඟවලට ඇති සූදානම පිළිබඳව ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මෙලෙස අදහස් පළ කළා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගේ ඉදිරි තරඟ සඳහා යොදා ගන්නා ආකාරය පිළිබඳවද ඔහු කරුණු දැක්වුවා.