සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පළමු දිනය නිමා වන විට වැඩි වාසි අත්කර ගැනීමට බංග්ලාදේශය සමත් වුණා.

ඒ, කඩුලු 03ක් දැවී ලකුණු 292ක් රැස් කර ගනිමින්.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුලු 03 ලකුණු 45ක් තුළ බිඳ වැටුණා.

පසුව පිටියේ එක්වූ නායක නජ්මුල් හුසේන් සැන්ටෝ හා මුෂ්ෆිකර් රහීම් සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 241ක නොබිඳුනු සබඳතාවක් ගොඩනැගුවා.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නායක සැන්ටෝ නොදැවී ලකුණු 136ක් සහ කණ්ඩායමේ ජ්‍යේෂ්ඨයා වන මුෂ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 105ක් රැස් කළා.

පන්දු යැවීමේදී තරිඳු රත්නායක කඩුලු දෙකක් සහ අසිත ප්‍රනාන්දු එක් කඩුල්ලක් දවා ගත්තා.