ලොව වැඩිම අවධානයක් සහ වැඩිම මුදලක් සංසරණය වන ප්‍රිමීයර් ලීග් ක්‍රිකට් තරගාවලිය වන ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2025 තරග වාරයේ අවසන් වී තිබෙනවා .

එය තවත් එක් අවසන් මහා තරගයක් නොවූ අතර කණ්ඩායම් දෙකක වසර ගණනක බලාපොරොත්තුවක තරගයක් ද වුණා.

ඒ, මෙවර අවසන් මහා තරගයට පිවිසි කණ්ඩායම් දෙකම මෙතෙක් IPL කිරුළ දිනාගෙන නොතිබීම හේතුවෙන්.

ඊයේ රාත්‍රියේ මෙම තරගය පැවැත් වුණේ පංජාප් කින්ස් කණ්ඩායම සහ බැංගලෝර් රෝයල් චැලේන්ජස් කණ්ඩායම අතරයි.

බැංගලෝර් කණ්ඩායම 2011දී සහ පංජාබ් කණ්ඩායම 2014 වසරේදී අවසන් මහා තරගයට පිවිසිය ද ඔවුන්ට ශූරතාවය දිනා ගැනීමට හැකි වූයේ නැහැ.

ඒ අනුව වසර ගණනක සැබෑ නොවූ සිහිනය වෙනුවෙන් පිටියට පිවිසි රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනායේ කඩුලු 09ක් දැවී ලකුණු 190ක් රැස් කළා.

විරාත් කෝලි ලකුණු 43යි.

කෙසේවෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පංජාප් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත හැකි වුණේ ලකුණු 184ක් පමණයි.

ඒ අනුව වසර 18ක්, දින 6,255ක් සහ තරග 286කට පසු ෂඡඛ කිරුළක සිහිනය සැබෑ කර ගැනීමට විරාත් කෝලි ප්‍රමුඛ බැංගලෝර් පිලට හැකි වුණා.

බැංගලෝර් සංචිතයේ ශ්‍රී ලංකා ක්‍රීඩක නුවන් තුෂාර ඇතුළත්ව සිටිය ද ඔහු ඊයේ තරගයට ක්‍රීඩා කළේ නැහැ.

ඊයේ අවසන් මහා තරගය අවසානයේ ශ්‍රී ලංකාවට ද සුවිශේෂී අවස්ථාවක් උදා වුණා.

ඒ, මෙවර තරගාවලියේ විශිෂ්ඨතම උඩ පන්දුව රැකගත් ක්‍රීඩකයාට හිමි සම්මානය ශ්‍රී ලංකාවට හිමි වීමයි.

එය දිනා ගත්තේ ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස්.