විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කල අදහස් දැක්වීම පහතින් සදහන් වේ.
දිගින් දිගටම අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්රමුඛ රජයට මැතිවරණයේ දී පොරොන්දු වූ ආකාරයට විදුලි බිල 33%කින් අඩු කරන්න කිව්වත් රජය විදුලි බිල 11.57%ක විදුලි බිල වැඩි කිරීමක් යෝජනා කර ඇති බවත් රජයේ මේ යෝජනාව අද මහජන උපයෝගීතා කොමිසම ප්‍රතික්ෂේප කිරිම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසමට ස්තූතිවන්ත වන බවත් මේ රජය කියූ ආකාරයට 33%කින් විදුලි බිල අඩු කිරිමට රජය බැදී ඇති නිසා මේ සමාජ ගිවිසුම ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.
වත්මන් රජය ඡන්ද දායකයා සමග ඇති කර ගත් සමාජ ගිවිසුම ක්‍රියාත්මක කළ යුතු බවත් වත්මන් රජය ව්‍යාජ විදුලිබල ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කර ගල් අගුරු, ඉන්ධන හා තාප බලාගාර මාෆියාව ශක්තිමත් කරන්න කටයුතු කරන බවත් එදා පුනර්ජනනීය බලශක්තිය ශක්තිමත් කරන්න කටයුතු කරනවා කියූ වත්මන් රජය අද වන විට එක් පැත්තකින් ලක්ෂ 70කට අධික විදුලි පාරිභෝගියන්ට විදුලි බිල වැඩි කර පහර පිට පහර දෙන විට පුනර්ජනනීය බලශක්තිය විනාශ කරන්න කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
වත්මන් රජය ඉන්ධන, තාප බලාගාර මාෆියාවට නතු වී තිබෙන වත්මන් රජයට විදුලි පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන්න ඉඩ නොදෙන බවත් පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් මහ පාරෙ උද්ඝෝෂණ හරහා විදුලි පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න සමගි ජන බලවේගය නායකත්වය දුන් බවත් ඒ ජනතා හඩට සවන් දෙන්න අද මහජන උපයෝගීතා කොමිසමට සිදුව ඇති බවත් තවදුරටත් රජය විදුලි බිල වැඩි කරන්න උත්සාහ නොකළ යුතු බවත් මැතිවරණ කිහිපයකදී පොරොන්දු වූ 33% විදුලි බිල අඩු කරන්න කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
විදුලි බිල අඩු කරවීමටත් පුනර්ජනනීය බලශක්තිය රැක ගැනීමටත් විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගයට කළ හැකි උපරිම දායකත්වය ලබා දෙනවා සේම මහජන උපයෝගීතා කොමිසම 70 ලක්ෂයක් වූ විදුලි පාරිභෝගිකයන්ගේ අයිතිය ආරක්ෂා කරන්න කටයුතු කිරීම ගැන ස්තූතිවන්ත වන බවත් පොදු ජනතාව වෙනුවෙන් පොදු ජනතාවගේ අයිතිය වෙනුවෙන් සටන් කරන්න සමගි ජන බලවේගය ඉදිරියටත් නායකත්වය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.




