Published
වැල්ලවත්ත හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයේ කාන්තාවක් සන්තකයේ තිබී පොලිස් භාරයට ගැණුනු රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් සැකකාර හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි.




