2025 පළාත් පාලන ආයතන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපතිවරුන්, නියෝජ්‍ය නගරාධිපතිවරුන්, සභාපතිවරුන් සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය මේ වන විට නිකුත් කර තිබෙනවා.
පළාත් පාලන 161ක් සඳහා එලෙස නිකුත් කෙරුණු ගැසට් පත්‍රයට අනුව හෙට දිනයේ සිට එම ආයතනවල කටයුතු ආරම්භ කිරීමට හැකියාව පවතින බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ.
දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමටයි මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත්තේ.
මේ අතර පසුගිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අනුව එක් එක් කොට්ඨාස සඳහා තෝරා පත් කරගෙන ඇති සභිකයින් සහ දේශපාලන පක්ෂ විසින් පළාත් පාලන ආයතනවලට මෙතෙක් නම් කර ඇති සභිකයින්ගේ නම් ඇතුළත් ගැසට් නිවේදනයන්ද දිස්ත්‍රික්ක මට්ටමින් ඊයේ සිට නිකුත් කරමින් පවතිනවා.