2025 ලෝක රූ රැජින තරගාවලියට සහභාගී වීම සදහා ඉන්දියාවට ගොස් සිටි ශ්‍රී ලංකා රූ රැජින අනුදි ගුණසේකර මෙනවිය අද පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා

අනුදි ගුණසේකර 06/02 දින පස්වරු 02.50 ට ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 178 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි අතර එහිදී ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් උසස් පිළිගැනීමක් සංවිධානය කර තිබුණි .

මෙම තරගාවලිය ඉන්දියාවේ තෙලංගනා ප්‍රාන්තයේ හයිද්‍රාබාද් නුවර , ලෝකයේ රටවල් 110 ක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් 05/07 දින සිට 05/31 දක්වා පවත්වා තිබුණි .

එහිදී ඇය මෙම තරගාවලියේ අනු තරග 03 ක අවසන් මහා තරගය දක්වා පැමිණ තිබීමත් , එහි බහු මාධ්‍යය ( Multi Media ) අංශයේ තරගයෙන් දෙවන ස්ථානය දිනා ගැනීමට සමත් වී තිබීමත් , ශ්‍රී ලංකා රූ රැජින තරගාවලි ඉතිහාසයේ පළමු වරට සිදුවූ සිදුවීමක් වීමත් විශේෂත්වයකි .

එහිදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අනුදි ගුණසේකර , තමන් ජීවිතයේ එක් වරක් පමණක් අත්දැකිය හැකි සුන්දර අත්දැකීමකට රට වෙනුවෙන් මුහුණ දුන් බව පැවසීය .

එහිදී තමන් අනුදි ගුණසේකර වශයෙන් ලෝකයා හැදින්වීම පසෙකලා ” ශ්‍රී ලංකා ” යන නමින් හැදින් වූ බවත් , එය තමන්ට මහත් අභිමානයක් ගෙනැවිත් දුන් බවත් පැවසීය .

තමන් ලෝකයේ ලස්සනම තරුණියන් සමග පසුගිය මාසයක කාළය ගත කළ බවත් , තමන් යළි ලෝක රූ රැජින තරගාවලියකට සහභාගී වීමට බලාපොරොත්තු නොවන බවත් වැඩිදුරටත් පැවසීය .