තණමල්විල හා අවට ප්‍රදේශ රැසකට අයිස් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාවාරමේ නිරත වූ ‘බූරා’ නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වනු පුද්ගලයා මේ මස 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
එලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ කුඩාඔය කඩ වීදිය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි සචින්ත ලක්මාල් නම් පුද්ගලයෙක්.
තණමල්විල කොට්ඨාස බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව තණමල්විල පොලිස් මූලස්ථාන නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.
එහිදී සැකකරු සන්තකයේ තිබී තොග වශයෙන් බෙදා හැරීමට සූදානම් කර තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06යි මිලිග්‍රෑම් 450ක් සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ.
සැකකරු මීට පෙරද අවස්ථා කිහිපයකදීම මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල මූලස්ථාන පොලීසිය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



