ශ්‍රී ලංකා කණ්ඩායම සහ ආසියානු කුසලාන තරඟාවලියේ 08වන තරඟය අද ආරම්භ වනවා. ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම සහ හොංකොං කණ්ඩායම අතරයි. තරඟය ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී රාත්‍රී 08ට ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු ශූරතා තරඟාවලියේ බංග්ලාදේශය සමග පැවති තරඟයෙන් කඩුලු 06ක ජයක් වාර්තා කළා. හොංකොං කණ්ඩායමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවති තරඟයෙන් ලකුණු 94ක පරාජයක් අත් වුණා. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි අද තරඟයට ඇති සූදානම පිළිබඳ මාධ්‍යයට අදහස් දක්වමින් පැවසුවේ සිය කණ්ඩායම හොඳ මානසිකත්වයකින් සිටින බවයි. එහිදී මාධ්‍යවේදියෙකු ඇසු ප්‍රශ්නයකටද තිළිණ කණ්ඩම්බි පිළිතුරු ලබා දුන්නා.