ශ්‍රී ලංකාව සමග රාවල්පින්ඩිහි පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු අටකින් ජයගැනීමට පකිස්ථානය අද සමත් වුණා.

තරඟය ජයගැනීම සඳහා පකිස්ථානයට දෙවන ඉනිමේදී ලැබුණු ඉලක්කය ලකුණු 90ක්.

කඩුලු දෙකක් පමණක් දැවී එම ලකුණු සංඛ්‍යාව ලබා ගැනීමට පකිස්ථානය සමත් වුණා.

මෙම තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේදී සියලු දෙනා දැවී රැස් කර ගත්තේ ලකුණු 98ක් පමණයි.

දෙවන ඉනිමේදි ඔවුන් ලකුණු 316ට සියලු දෙනා දැවී ගියා.

පකිස්ථාන පළමු ඉනිම ලකුණු 325යි.

මෙම තරගාවලියේ දෙපිල අතර පැවති පළමු තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

ඒ අනුව තරග දෙකකින් යුත් තරගාවලිය 1ට 0ක් ලෙස ජය ගත්තේ පකිස්ථානයයි.