දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්වය නිසා අවතැන් ව සිටින ජනතාවට සහන සැලසීමේ අරමුණින්, මියන්මාර රජයේ දූත පිරිසක් සමග ආධාර රැගත් එරට ගුවන් හමුදාවේ (Y-8) ගුවන් යානයක් ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන් හමුදා කඳවුර වෙත පැමිණ තිබෙනවා.
මෙම ආධාර යටතේ සනීපාරක්ෂක ද්‍රව්‍ය, වෛද්‍යාධාර මෙන්ම අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යද අඩංගු වන අතර, මෙම සහනාධාර භාර දීමේ අවස්ථාවට ශ්‍රී ලංකා මියන්මාර් තානාපතිනි, මාර්ලා තාන් ටයික් (Mrs. Marlar Than Htaik) මැතිනිය, මියන්මාර රජයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් zසෝ ෆියෝ වින් (Mr. Zaw Phyo Win) මහතා ඇතුළු එරට රජයෙ නියෝජිතයින් පිරිසක් සහභාගි විය.
මෙම භාණ්ඩ තොගය භාර ගැනීම සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අධ්‍යක්ෂක ජනරාල් සැලසුම්, එයාර් වයිස් මාර්ෂල් දේශප්‍රිය සිල්වා මහතා ඇතුළු ගුවන් හමුදා නිලධාරීන් පිරිසක්ද සහභාගි විය.




